ඵලදායීතාවය යනු කුමක්ද? අද වන විට බහුල ලෙස භාවිතා වන සිංහල වචනයක් ලෙස ඵලදායීතාවය හඳුනාගත හැක. ඉංග්‍රීසි භාෂාවේ productivity යන වචනයේ අර්ථය ප්‍රකාශ කිරීම පිනිස ඵලදායීතාවය යන වචනය අප විසින් භාවිත කෙරේ. සමහර උදවිය මෙහි ගැබ් වී ඇති සැබෑ අර්ථය තේරුම් නොගෙන මෙම වචනය භාවිත කරන බව අධ්‍යයනයේදී පෙනී යයි. එබැවින් මෙම සංකල්පය පිලිබඳව සහ එමගින් අරුත් ගැන්වෙන දේ පිලිබඳව සමාජීය අවබෝධය පුලුල් කිරීම මාගේ අරමුණයි. අල්ලක් වපුරා මල්ලක් ගෙට ගැනීමට අතීතයේ අපේ ගෙවිතැන ඉලක්ක ගත වී තිබුනේය. අපේ රටේ ලොව කිසිදු රටකට නොදැවෙනි වූ දියුණු වාරි තාක්ෂණයක් පැවත තිබෙන්නේ එබැවිනි. අපගේ වැව දියුණු වාරිතාක්ෂණයේ මනා පිළිබිඹුවක් වනවා සේම ගොවියා විසින් සෑම දිය බිඳක්ම ඵලදායීව යොදා ගැනීමට සමත් වී ඇත. ඒ බව කුඹුරක ඇල වෙන්කිරීම සහ වක්කඩ බඳින ආකාරයෙන් පෙනී යයි. එක ස්ථානයකින් වතුර එන්න සළසා සෑම ලියද්දක්ම නිසි ආකාරයෙන් තෙමී අවසන එක වක්කඩකින් අප ජලය පිටවේ. ගෙවියා ඉහල ගුණත්වයෙන් යුතු වඩා වැඩි අස්වැන්නක් ලබා ගැනීමට ජලය නැමැති නිෂ්පාදන සම්පත නාස්ති නොකර උපරිමයෙන් භාවිත කරමින් සිය නිෂ්පාදනය උපරිම කරගෙන ඇත. එමගින් අරුත් ගැන්වෙන්...
පුංචි අපෙ ලංකාව තුළ සංවර්ධනය පිළිබඳ මහා කතිකාවතක් ඇතිවී තිබීම සතුටට කරුණකි. සංවර්ධනය වෙත ගමන් කිරීමේදී ඵලදායීතාවයට ද හිමි වන්නේ කිසිවකටත් නොදෙවෙනි ස්ථානයකි. රටේ නිශ්පාදන හා සේවාවන්ගේ ගුණාත්මකභාවය සහ කාර්ය්‍යක්ෂමතාවය වර්ධනය කිරීමට ඵලදායිතා සංකල්ප මහත් පිටුවහලක් සපයයි. මේ වෑයම එම කාර්යය පහසු කරණු වස් අදහස් සමුදායක් ඔබේ සිතටද එක් කිරීමටය