Skip to main content

තත්ත්ව පාලන කව මගින් ගැටළු විසඳීමේ ක්‍රමවේදය හා මෙවලම් භාවිතාව

තත්ත්ව පාලන කවයක් යනු කුමක්ද?

ඵලදායිතා ප්‍රවර්ධනය උදෙසා ලෝකයේ බොහෝ රටවල් ඉතා හොඳින් භාවිතයට ගත් ඵලදායිතා සංකල්පයක් ලෙස තත්ත්ව පාලන සංකල්පය හැඳින්විය හැක. කව ඉතිහාසය, ධූරාවලිය යනාදිය පිලිබඳ හැඳින්වීමක් මෙහි එක් නොකරන්නේ මේ ලිපියේ අරමුණු අතර ඒවා නොතිබීම නිසාය. මේ ලිපියේ මූලික අරමුණ තත්ත්ව කවයකින් ගැටළු විසඳීම සිදුකරන ආකාරය හා ඒ සඳහා කව මෙවලම් ප්‍රායෝගිකව භාවිතයට ගන්නා ආකාරය අවබෝධ කර දීම පමනක් වේ. නමුත් එය පැහැදිලි කර ගැනීමට තත්ත්ව කවයක් යනු කුමක්ද, එයින් සිදු කරන්නේ කුමක්ද යන්න පිලිඳව තරමක හෝ අවබෝධයක් තිබිය යුතුය. එබැවින් තත්ත්ව කව පිළිබඳ නිර්වචනයක් සලකා බැලීම ඉතා වැදගත්ය.

ඵලදායිතා වෂයෙහිදී බහුල වශයෙන් යොදා ගන්නා ඩෙමිං චක්‍රය භාවිතයට ගනිමින් සකස් කරන ලද ගැටළු විසඳිමේ නිස්චිත ක්‍රියාවලියක් තිබේ. එම ක්‍රියාවලිය පැහැදිලි කර ගැනීමට පෙර PDCA චක්‍රය නොහොත් ඩෙමිං චක්‍රය යනු කුමක්ද යන්න තරමක හෝ පැහැදිලි කිරිීමක් අවශ්‍යවන බව සිතමි. මෙම චක්‍රය භාවිතයට ගැනීමමෙන් ඕනෑම ක්‍රියාලියක අඛණ්ඩ වැඩි දියුණුවක් හා ඵලදායිතා වර්ධනයක් ලබා ගත හැකිවනවා ඒකාන්තය. එබැවින් ඩෙමිං චක්‍රය පහතින් දක්වා ඇත.

ඉහත ඩෙමිං චක්‍රයට අනුව සකසන ලද තත්ත්ව කව ගැටළු විසඳීමේ ක්‍රියාවලිය මූලික අධියර 4කින් හා ප්‍රදාන පියවර 09 කින් සමන්විත වේ. මේ පියවර පිලිබඳව සියළු කව නායකයන්ට මූලික අවබෝධයක් තිබිය යුතු වන අතර මේ සෑම පියවරකදීම ක්‍රමන හෝ ඵලදායිතා මෙවලමක් භාවිතයට ගැනීම ඉතාම වැදගත් වන බව සිහිපත් කර සිටිමි.


ඕනෑම ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේදී සැළසුම් කිරීමේ අධියරට හිමිවන්නේ සුවිශේෂී තැනකි. මෙම ගැටළු විසඳීමේ ක්‍රියාවලියෙහි මූලික පියවර 5 ම සැළසුම් කිරීමේ අධියරට අයත්ය. එම අධියරේදි එම කවයට බලපාන ගැටළු සියල්ලම හඳුනාගැනේ. ඊලඟට එම හඳුනාගත් ගැටළු අතිරින් වඩාත් වැඩිම බලපෑමක් ඇතිකරන ගැටළුව විසඳීම සඳහා තෝරා ගත යුතුය. එය මෙම ගැටළු විසඳීමේ ක්‍රියාවලියෙහි ගැටළු ප්‍රමුඛතාගතකරණය යන දෙවන පියවරේදී සිදුකෙරේ. එසේ ප්‍රමුඛකර හඳුනාගත් ගැටළුවට බලපාන හේතු, උපහේතු හඳුනා ගැනීම, නොමැතිනම් ගැටලුව විශ්ලේෂණය කරගනී.  මෙහිදී තවතුරටත් ගැටළුව විග්‍රහ කර ගැනීමක් සිදු  කෙරේ. ගැටළුව පිලිබඳව එහි දිග පලල පිළිබඳව, එහි ස්වභාවය පිලිබඳව කව සාමාජිකයන්ට හොඳ අවබෝධයක් මෙමගින් ලැබේ. ඉන් පසු එය විසඳීම සඳහා යොමු විය හැක. එබැවින් මෙම ගැටළු විසඳීමේ ක්‍රියාවලියෙහි විකල්ප විසඳුම් ජනනය යන පියවරෙදී එම ගැටළුව පාලනය කල හැකි ක්‍රමවේද, ක්‍රියාකාරකම්, හා උපාංග මොනවාදැයි හඳුනාගැනීම සිදුකරේ. එසේ විකල්ප විසඳුම් මොනවාදැයි සොයාගැනීමෙන් පසු ඒවා පෙලගැස්විය යුතු ආකාරය, ඒවයෙන් ගැටළුව කොතරම් ප්‍රමානයකින් අවසන් කල හැකිද යන්න සොයා බැලීම සිදු කෙරේ. මේ සියළු කාර්යයන් ගැටළු විසඳීමේ ක්‍රියාවලියෙහි සැළසුම් කිරීමේ අධියරට අයත්ය. ඇත්තටම මේ එක් පියවරයක් හෝ අමතක කරමින් යම් ව්‍යාපෘතියක් සැළසුම්  කෙරේද එය අසාර්ථක සැළසුමක් නැතිනම් අසම්පූර්ණ සැළසුමක් වනු ඇත. එබැවින් තත්ත්ව පාලන කවයකින් ගැටළුවක් විසඳීමේදී එය මනාව සැළසුම් කල ව්‍යාපෘතියක් විය යුතු වගේම අංග සම්පූරණ ව්‍යාපෘතියක් විය යුතුය. ඒ සඳහා කව සාමාජිකයන් සැමගේ සක්‍රීය දායකත්වය ඇතිව පියවරෙන් පියවර ගැටළු විසඳීමේ පියවර අනුගමන කිරීමෙන් කල යුතුය.  මෙහිදී වඩාත් වැදගත් වන කරුණක් සඳහන් කල යුතුව ඇත. එනම් මේ එක් එක් පියවරේදී ඒ පියවරට සාර්ථකව භාවිතා කල හැකි කවර හෝ කව මෙවලමක් භාවිතයට ගත යුතු වීමයි. 

මා පැහැදිලි කිරීමට අපේක්ෂා කරන්නේ මේ සැළසුම් කිරීමේ අධියරේදී භාවිතයට ගත හැකි හා ගත යුතු මෙවලම් භාවිතාව පිලිබඳවයි. මෙහිදී ගැටළු විසඳීමේ ක්‍රියාවලියෙහි සැළසුම් කිරීමේ අධියරේදී පියවරෙන් පියවර භාවිතයට ගතහැකි මෙවලම් මොනවාදැයි සලකා බලමු.

ගැටළු හඳුනාගැනීම.

ගැටළු හඳුනා ගැනීම කෙසේ සිදුකරන්නේද යන්න හඳුන්වා දීමට පෙර ගැටළුවක් යනු කුමක්ද? යන්න අවබෝධයේ තිබීම වැදගත්ය. එමෙන්ම ගැටළුව හා ප්‍රශ්නය අතර ඇති වෙනසද හඳුනාගත යුතුය. ඒ සඳහා පුංචි උදාහරණයක් ගෙන බලමු. දිනපතා වෙලාව බලන කාර්යාලීය ඔරලෝසුව තප්පර කටුව යාන්තමට ගැස්සෙමින් වෙලාව එකතැන නැවතී තිබේ. මෙහිදී මෙය දකින ඕනෑම කෙනෙකුට ඔරලෝසුවේ බැටරිය බැස ඇති බව පෙනේ. එමෙන්ම ඇති වී ඇති ප්‍රශ්නයට පැහැදිලි පිලිතුරක්ද පෙනෙන්නටම තිබේ. එබැවින් බැලූ බැල්ලමටම පිලිතුරක් පෙනෙන්නට තිබෙනවනම් එය ගැටළුවක් නොවේ. එය පුංචි ප්‍රශ්නයකි. එබැවැන් ප්‍රශ්න විසඳීමට කාර්යාලයේ සේවකයන් හුඟාක් එකතු වී සාකච්ඡාකරමින් මහන්සි විය යුතු නැත. අපි විසඳීමට මහන්සි ගත යුත්තේ ප්‍රශ්න නොව ගැටළුය. ගැටළුවකට පැහැදිලි විසඳුමක් එකවරම පෙනෙන්නට නැත. ප්‍රශ්නයක් හා ගැටළුවක් අතර වෙනස තරමක් අවබෝධ වුවද තවමත් ගැටළුවක් යනු කුමක්දැයි පැහැදිලි නැතිව ඇති බැවින් අපි ගැටළුවක් යනු කුමක්දැයි සොයා බලමු. ගැටළුවක් යනු තිබෙන තත්ත්වය හා සැබෑවට පැවැතිය යුතු තත්ත්වය අතර ඇති වෙනස හෙවත් පරතරය වේ. විසඳුමක් සොයනවා යනු ගැටළුවේ සඳහන් වෙනස හෙවත් පරතරය යම් සාධාරණ මට්ටමකට ගෙන ඒමයි.  මේවා පිලිබඳව සාමාන්‍ය අවබෝධයක් තබා ගතහොත් එය කව ක්‍රියාවලියෙහි සාර්ථකත්වයට බලපානු ඇත.
දැන් අපි ගැටළු හඳුනාගැනීම පිලිබඳව අවදානය යොමු කර බලමු. කවයට නමක්, නායකත්වයක් පත්කර ගැනීමෙන් අනතුරව ගැටළු හඳුනාගැනීම සිදු කල හැක. කවයේ සියළු දෙනාගේ සහභාගීත්වයෙන් ගැටළු හඳුනාගැනීම සිදුකල යුතුය. එහිදී භාවිතයට ගත හැකි ඉතාම සාර්ථක මෙවලම ලෙස බුද්ධි කලම්භනය පෙන්වා දිය හැක.





ඉහත පෙන්වා දී ඇති ආකාරයට කවයේ සියළු දෙනාට සමාන අවස්ථාවක් ලබාදී සෑම අදහසකටම අවස්ථාව ලබා දී බුද්ධි කලම්බන සැසිය පැවැත්විය යුතුය. කිසිදු අදහසක් හෝ පුද්ගල විවේචනයක් නොකිරීමට වග බලා ගත යුතුය. මේ ආකාරයට සුළු මොහොතකින් අපිට ගැටළු රාසියක් හඳුනාගැනීමට අවස්ථාව ලැබෙනු ඇත. මේ වැඩේම තවත් ආකාරයට සරල කර ගැනීමක්ද අවැසිනම් කල හැක. ඒ සඳහා Data Card එකක් උපයෝගී කර ගත හැක. මෙහිදී සිදුකරන්නේ එක් එක් කව සාමාජිකයාට කිසිවක් නොලියන ලද කාඩ් පක් 3 බැගින් හෝ තවත් කිහිපයක් බැගින් ලබා දී තමන් මුහුණ පාන ගැටළු ලියා ලබා දෙන ලෙස දැනුම්දීමයි. මෙමගින්ද අපිට එකවර ගැටළු රාසියක් ලබාගත හැක. 


Comments

Popular posts from this blog

ඵලදායීතාවය PRODUCTIVITY

ඵලදායීතාවය යනු කුමක්ද? අද වන විට බහුල ලෙස භාවිතා වන සිංහල වචනයක් ලෙස ඵලදායීතාවය හඳුනාගත හැක. ඉංග්‍රීසි භාෂාවේ productivity යන වචනයේ අර්ථය ප්‍රකාශ කිරීම පිනිස ඵලදායීතාවය යන වචනය අප විසින් භාවිත කෙරේ. සමහර උදවිය මෙහි ගැබ් වී ඇති සැබෑ අර්ථය තේරුම් නොගෙන මෙම වචනය භාවිත කරන බව අධ්‍යයනයේදී පෙනී යයි. එබැවින් මෙම සංකල්පය පිලිබඳව සහ එමගින් අරුත් ගැන්වෙන දේ පිලිබඳව සමාජීය අවබෝධය පුලුල් කිරීම මාගේ අරමුණයි.  අල්ලක් වපුරා මල්ලක් ගෙට ගැනීමට අතීතයේ අපේ ගෙවිතැන ඉලක්ක ගත වී තිබුනේය. අපේ රටේ ලොව කිසිදු රටකට නොදැවෙනි වූ දියුණු වාරි තාක්ෂණයක් පැවත තිබෙන්නේ එබැවිනි. අපගේ වැව දියුණු වාරිතාක්ෂණයේ මනා පිළිබිඹුවක් වනවා සේම ගොවියා විසින් සෑම දිය බිඳක්ම ඵලදායීව යොදා ගැනීමට සමත් වී ඇත. ඒ බව කුඹුරක ඇල වෙන්කිරීම සහ වක්කඩ බඳින ආකාරයෙන් පෙනී යයි. එක ස්ථානයකින් වතුර එන්න සළසා සෑම ලියද්දක්ම නිසි ආකාරයෙන් තෙමී අවසන එක වක්කඩකින් අප ජලය පිටවේ. ගෙවියා ඉහල ගුණත්වයෙන් යුතු වඩා වැඩි අස්වැන්නක් ලබා ගැනීමට ජලය නැමැති නිෂ්පාදන සම්පත නාස්ති නොකර උපරිමයෙන් භාවිත කරමින් සිය නිෂ්පාදනය උපරිම කරගෙන ඇත. එමගින් අරුත් ගැන්වෙන්...