Skip to main content

ඵලදායීතාවය PRODUCTIVITY

ඵලදායීතාවය යනු කුමක්ද?

අද වන විට බහුල ලෙස භාවිතා වන සිංහල වචනයක් ලෙස ඵලදායීතාවය හඳුනාගත හැක. ඉංග්‍රීසි භාෂාවේ productivity යන වචනයේ අර්ථය ප්‍රකාශ කිරීම පිනිස ඵලදායීතාවය යන වචනය අප විසින් භාවිත කෙරේ. සමහර උදවිය මෙහි ගැබ් වී ඇති සැබෑ අර්ථය තේරුම් නොගෙන මෙම වචනය භාවිත කරන බව අධ්‍යයනයේදී පෙනී යයි. එබැවින් මෙම සංකල්පය පිලිබඳව සහ එමගින් අරුත් ගැන්වෙන දේ පිලිබඳව සමාජීය අවබෝධය පුලුල් කිරීම මාගේ අරමුණයි.

 අල්ලක් වපුරා මල්ලක් ගෙට ගැනීමට අතීතයේ අපේ ගෙවිතැන ඉලක්ක ගත වී තිබුනේය. අපේ රටේ ලොව කිසිදු රටකට නොදැවෙනි වූ දියුණු වාරි තාක්ෂණයක් පැවත තිබෙන්නේ එබැවිනි. අපගේ වැව දියුණු වාරිතාක්ෂණයේ මනා පිළිබිඹුවක් වනවා සේම ගොවියා විසින් සෑම දිය බිඳක්ම ඵලදායීව යොදා ගැනීමට සමත් වී ඇත. ඒ බව කුඹුරක ඇල වෙන්කිරීම සහ වක්කඩ බඳින ආකාරයෙන් පෙනී යයි. එක ස්ථානයකින් වතුර එන්න සළසා සෑම ලියද්දක්ම නිසි ආකාරයෙන් තෙමී අවසන එක වක්කඩකින් අප ජලය පිටවේ. ගෙවියා ඉහල ගුණත්වයෙන් යුතු වඩා වැඩි අස්වැන්නක් ලබා ගැනීමට ජලය නැමැති නිෂ්පාදන සම්පත නාස්ති නොකර උපරිමයෙන් භාවිත කරමින් සිය නිෂ්පාදනය උපරිම කරගෙන ඇත. එමගින් අරුත් ගැන්වෙන්නේ ඵලදායීතාවයයි.

ප්‍රාදේශීය මහ ලේකම් කාර්යලද රජයේ ප්‍රමුඛ සේවාවන් ලබාදෙන ආයතනයකි. මිනිසාගේ උපතේ සිට මරණය දක්වා පමනක් නොව උපතට පෙර සිට හා මරණයෙන් පසුවත්  සේවාවන් රාසියක් ලබාදෙන විශේෂ වු කාර්යාලයකි ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය. එබැවින්   එම ආයතනයෙන් ලබාදෙන සේවාවන්ගේ ගුණාත්මක බව නැතිනම් සඵලතාවය හැකි උපරිමයෙන් රැකීම අත්‍යාවශ්‍ය වේ. සඵලතාවය පමනක් ප්‍රමාණවත් නොවේ. එහි කාර්ය්‍යක්ෂමතාවය උපරිම මට්ටමක රඳවා ගැනීමද අත්‍යාව්‍ය වේ. පොඩ්ඩක් සිතන්න. උප්පැන්න සහතිකයක් ගන්න දවස් දෙකක් කාර්යාලයට එන්න යම් පාරිබෝගිකයෙකුට සිදු වුවහොත් එම පාරිබෝගිකයාගේ වෙනත් කාර්යයක් කිරීමේ හෝ ආදායමක් ඉපයීමේ  අවස්ථාව ඔහුට අහිමි වේ. එමගින් එම පාරිබෝගිකයාගේ ආදායම පහත වැටෙනවා පමනක් නොව රටේ ජාතික නිශ්පාදනයද පහත වැටේ. එමනිසා සඵලතාවය හා කාර්ය්‍යක්ෂමතාවය යන දෙයන්ෂයම ඵලදායීතාවය යන්නෙන් ගම්‍ය වේ. එබැවින් ඵලදායීතාවය පහත අයුරින් තේරුම් ගැනීමද වරදක් නැත.

 ඵලදායීතාවය = (සඵලතාවය+ කාර්ය්‍යක්ෂමතාවය)

කෙසේ නමුත් ඵලදායීතාවය යන්නෙහි සැබෑ අර්ථය වන්නේ හරි දේ හරි විදියට කිරීම වේ. එනම් වැරදි දෙයක් හරි විදියට කිරීම ඵලදායී නොවේ. ඒ වගේම හරි දෙයක් වැරදි විදියට කිරීමද ඵලදායී නොවේ. වැරදි දෙයක් වරදි විදියට කිරීම කිසිසේත් ඵලදායී නොවේ. 

දැන් අපි ඵලදායීතාවය තවත් විදියකින් හඳුනා ගනිමු.

ඕනෑම නිෂ්පාදනයක් සඳහා යොදාගනු ලබන යෙදවුම් සහ නිමැවුම් අතර අනුපාතික සම්බන්ධතාවයක් දැකගත හැකිය. මෙම අනුපාතික සම්බන්ධතාවය ඵලදායිතාවය යනුවෙන් අදහස් කෙරේ. මෙහිදී කර්මාන්ත ශාලාවක හෝ ව්‍යාපාරයක නම් නිශ්පාදන සම්පත් කෙසේ භාවිත කර ඇද්දැයි සෙවීම පිනිස භාවිත කරනු ලබන මිණුම් දඬුවක් ලෙස ඉහත සඳහන් අනුපාතික සම්බන්ධතාවය නොහොත් ඵලදායිතාවය භාවිතයට ගත හැක. මෙය ගණිතමය ප්‍රකාශයකින් පෙන්වා දක්වන්නේ නම්,


  නිමැවුම්  = ඵලදායීතාවය         output   = productivity

  යෙදවුම්                                    input

යම් ව්‍යාපාරයක නිෂ්චිත කාලයක නිමැවුම් වටිනාකමරු. 500,000 යැයි උපකල්පනය කරමු. එමෙන්ම එම නිමැවුම් වටිනාකම ලබාගැනිම සදහා ( භාණ්ඩ / සේවා නිපදවීම සදහා) යොදවන ලද සම්පත් වල වටිනාකමරු. 400,000 වී නම්



 ඵලදායීතාව       = නිමැවුම වටිනාකම                                                                                                                යෙදවුම් වටිනාකම

 1.25   =     500,000 /400,000                    

තවත් ව්‍යාපාරයක නියමිත කාලයක් තුල නිමැවුම් වටිනාකම රු . 750,000 ද යෙදවුම් වල වටිනාකම රු . 600,000 ලෙසද උපකල්පනය කල විට,
 

 1.25  = 750,000 /600,000

එනම් ආයතන දෙකෙහිම යෙදවුම් වලට සාපේක්ෂව ලැබෙන නිමැවුම් හෙවත් ඵලදායීතාව සමාන වේ,
එහිදී, මුල් ව්‍යාපාරය රු. 100,000 ලාභයක් ලබන විට දෙවන ව්‍යාපාරය අදාල කාලසීමාවෙහි රු 150,000 ලාභයක් ලබා ඇත. නමුත් යොදවන ලද සම්පත් වලට සාපේක්ෂව ළුලදායීතාවය 1.25 ලෙස සමාන වී ඇත. මින් පැහැදිලි වන්නේ ඵලදායීතාවය යනු ලාභය නොවන බව හා ලාභය වැඩී වූ පමණින් ඵලදායීතාවය වැඩි නොවන බවයි. 

යෙදවුම් යනු අදාල නිමැවුම් ලබාගැනිම සදහා යොදවන ලද සියළුම සම්පත් වේ. මේ  සඳහා ඒකක වශයෙන් සංඛ්‍යාත්මක හා මූල්‍ය අගයන්ද භාවිත කල හැක. අවම සම්පත් ප්‍රමානයක් උපරිම කාර්ය්‍යක්ෂමතාවයකින් යුතුව මනා කළමනාකාරීත්වයකින් යුතු සැළසුම් සහගත ක්‍රියාවලියකට ලක්කර නව සේවාවක් හෝ නිෂ්පාදනයක් බිහිකිරීම ඵලදායීතාවයෙන් අරුත්ගැන්වේ. ප්‍රාග්ධනය, ශ්‍රමය, භූමිය, ව්‍යවසාය යනාදිය ව්‍යාපාරයක යෙදවුම් සම්තිපත් වේ. එනම් යෙදවුම් කොපමණ හොදින් භාවිතා කරන්නේ ද යන්න ඵලදායීතාවය යන්නෙන් හදුනාගත හැක. ඕනෑම ව්‍යාපාරයක් සිය ලාභ ප්‍රමාණය ඉහල නැංවීම අරමුණු කරගෙන සිටී. ඒ සදහා ‍නොයෙක් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපර යොදවන සම්පත් ප්‍රමාණයෙන් නාස්ති නොකර උපරිම ප්‍රයෝජන ගැනීමට උත්සාහ දැරිය යුතුය. යෙදවුම් නිසි ලෙස මෙහෙය වන්නේ නම් ඵලදායීතාව ඉහල නැංවිය හැක. ව්‍යාපාර වලට සිය ව්‍යාපාරයේ ඵලදායීතාවය ඉහල නංවා ගැනිම සදහා පහත සඳහන් ක්‍රියාමාර්ග ඔස්සේ ඉදිරියට යා හැක.

  • නිමැවුම් නියතව තබා යෙදවුම් අඩු කිරීම.
  • යෙදවුම් නියතව තබා නිමැවුම් වැඩි  කිරීම.
  • යෙදවුම් අඩු කර නිමැවුම් වැඩි කිරීම.
  • යෙදවුම් සුළු වශයෙන් ඉහල නංවා නිමැවුම් වඩාත් ඉහල නැංවීම
මින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වලට වඩාත් උචිත වන්නේ ඉහත 1,2,3, යන යෙදවුම් නිමවුම් සංයෝජන අවස්ථාවන්ය.


Comments

Post a Comment

Popular posts from this blog

තත්ත්ව පාලන කව මගින් ගැටළු විසඳීමේ ක්‍රමවේදය හා මෙවලම් භාවිතාව

තත්ත්ව පාලන කවයක් යනු කුමක්ද? ඵලදායිතා ප්‍රවර්ධනය උදෙසා ලෝකයේ බොහෝ රටවල් ඉතා හොඳින් භාවිතයට ගත් ඵලදායිතා සංකල්පයක් ලෙස තත්ත්ව පාලන සංකල්පය හැඳින්විය හැක. කව ඉතිහාසය, ධූරාවලිය යනාදිය පිලිබඳ හැඳින්වීමක් මෙහි එක් නොකරන්නේ මේ ලිපියේ අරමුණු අතර ඒවා නොතිබීම නිසාය. මේ ලිපියේ මූලික අරමුණ තත්ත්ව කවයකින් ගැටළු විසඳීම සිදුකරන ආකාරය හා ඒ සඳහා කව මෙවලම් ප්‍රායෝගිකව භාවිතයට ගන්නා ආකාරය අවබෝධ කර දීම පමනක් වේ. නමුත් එය පැහැදිලි කර ගැනීමට තත්ත්ව කවයක් යනු කුමක්ද, එයින් සිදු කරන්නේ කුමක්ද යන්න පිලිඳව තරමක හෝ අවබෝධයක් තිබිය යුතුය. එබැවින් තත්ත්ව කව පිළිබඳ නිර්වචනයක් සලකා බැලීම ඉතා වැදගත්ය. ඵලදායිතා වෂයෙහිදී බහුල වශයෙන් යොදා ගන්නා ඩෙමිං චක්‍රය භාවිතයට ගනිමින් සකස් කරන ලද ගැටළු විසඳිමේ නිස්චිත ක්‍රියාවලියක් තිබේ. එම ක්‍රියාවලිය පැහැදිලි කර ගැනීමට පෙර PDCA චක්‍රය නොහොත් ඩෙමිං චක්‍රය යනු කුමක්ද යන්න තරමක හෝ පැහැදිලි කිරිීමක් අවශ්‍යවන බව සිතමි. මෙම චක්‍රය භාවිතයට ගැනීමමෙන් ඕනෑම ක්‍රියාලියක අඛණ්ඩ වැඩි දියුණුවක් හා ඵලදායිතා වර්ධනයක් ලබා ගත හැකිවනවා ඒකාන්තය. එබැවින් ඩෙමිං චක්‍රය පහතින් දක්වා ඇත. ඉහත ඩෙමිං චක්‍රය...